Friday, April 27, 2012

නාඹර ගොයමට

නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනැහේ කිරන හලාලා
දැසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා

මගේ පිය සටහන් අදුනන ඔබෙ නෙතු
හිමිදිරියේ දුටු සුබ දසුනයි
කම්හල මැද වෙහෙසෙන විට ගත සිත
ඔබ ගැන මතකය මද පවනයි

බලාපොරොත්තුව කිරිවැදිලා හෙට 
ගමේ කුඹුර මදහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපනදා
හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි




ගායනය : ගුණදාස කපුගේ

2 comments:

  1. අක්කා තව බ්ලොග් එකක් කරනවා කියලා දැන් නේ දන්නේ. හොඳයි හොඳයි :)

    ReplyDelete
  2. හසිත

    මම කැමතිම සිංදු ගොඩක් තියෙනවා. වචන හොයන අයට දැනගන්නත් එක්ක මෙහෙම දෙයක් කරන්න හිතුවා.

    ReplyDelete