Wednesday, April 25, 2012

පාලුව දෙවනත් කරලා නාඩන්

පාලුව දෙවනත් කරලා
නාඩන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උලලේනෝ.....උලලේනෝ

සීත හුළං හිරිකඩයි
කැලේ අපිට උරුමේ
නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ.....උලලේනෝ...

ඉහිරුනු කිරි කොතලෙට 
ඉකිබිදලා පල නෑ
නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උලලේනෝ.....උලලේනෝ

සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගියදා මේ හැම දුක් දුරුවෙන්නේ
උලලේනෝ....උලලේනෝ



ගායනය : ගුණදාස කපුගේ

No comments:

Post a Comment