Sunday, April 1, 2012

දුනුකෙයියා

 

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා
පසළොස්වක සද වාගේ එළිය ගෙනෙනවා
(මගෙ අම්මා මට ජීවන සුවය සදනවා...//

සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී 
කෙනෙක් නොමැත දරුවෙකු හට 
මවක සේ ලැදී
අම්මා යන සමාධියට ඉදිමි සමවැදී
(ඔබෙ ගුණ කීමට හෝඩියෙ
අකුරු මට මදී.....//

සිවු බුදුවරු දුටු ලෙස එක 
දිනයක පිම්මේ
ඔබ දුටුවම මගේ දුක් ගිණි
නිවෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ 
ඔබ ලග නැම්මේ.....
(සිරිමා බෝ මුල මතු දින 
බුදු වෙනු අම්මේ...//



ගායනය : සුජාතා අත්තනායක

No comments:

Post a Comment