Sunday, April 1, 2012

සිහිනයකි ඔබ

 සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ
නිදන නෙතු යුග සනසනා
සුසුම් රැළි මැද තනිව හිදි වේලේ
නිබද මා හද සනසනා....//

ඉරකි ඔබ මට - සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ - ඈත සමුදුර
සයුරු තෙර මා හමුවනා....

යුග ගණන් අප වෙන්ව ආවද
සොදුරු නිම්නෙක තනිවෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුළ 
සිනා මල් පෙති පිබිදිලා

හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යළිදු අප ඇත ලංවෙලා....

ආ....ආ....ආ....
ම්....ම්......ම්.......


ගායනය : බන්ඩාර ආතාවුද / නිරංජලා සරෝජිනි

No comments:

Post a Comment