නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනැහේ කිරන හලාලා
දැසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා
මගේ පිය සටහන් අදුනන ඔබෙ නෙතු
හිමිදිරියේ දුටු සුබ දසුනයි
කම්හල මැද වෙහෙසෙන විට ගත සිත
ඔබ ගැන මතකය මද පවනයි
බලාපොරොත්තුව කිරිවැදිලා හෙට
ගමේ කුඹුර මදහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපනදා
හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි
ගායනය : ගුණදාස කපුගේ