Wednesday, February 15, 2012

අහසින් තරුවක්




අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැලපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් හැලෙනවා
මලේ කතා නෑ සුළගයි වැලපෙන්නේ........//

පෑහීමක් නෑ නොකෙරෙන දීගේ
සෙවනැල්ලත් ඇදලූ
එදා වැටුනු වල මෙදා වැටුනෙ නැහැ
හිත හොද වැඩි කමලු......

අහසින් තරුවක් කඩා වැටෙනවා........

මලින් උපන් මල් පත්තිනි දේවි
කැන්දන් එන දවසේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම්
නුඹේ මගුල් දවසේ......

අහසින් තරුවක් කඩා වැටෙනවා.......


ගායනය : මාලනී බුලත්සිංහල