Monday, April 9, 2012

ඔබ හීනයක් වගේ


ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී 
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි.....
ඔබ හීනයක් වගේ....

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි සලා
මම මග බලා සිටියා

නෙතු ගනදුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා..මම
මග බලා සිටියා

වේග දුක් හද රැදුනා
සද එළිය නිවුනා...
අදුර මැද තනිවී
පවන් රොදකට - සවන් දොර ඇරුණා

(තරු ඇසක් පිපුනා...
සද ලබන්නී මා
සරා සද ලග මා.....//)

ගායනය : දීපිකා ප්‍රියදර්ශනී

No comments:

Post a Comment