Friday, March 30, 2012

මේ තරම් සියුමැලිද කළු ගල

 
මේ තරම් සියුමැලිද කළු ගල
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
(දෑස් දුන් මිනිසා සොයා)...//

කලා වැව ලග ඉළුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
(මැරෙන ඉපදෙන රළ දිහා...//)

ඉසුරු මුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
(තවම තනිකඩ යැයි කියා)....//

මේ තරම් සියුමැලිද........



ගායනය : සුනිල් එදිරිසිංහ