මහ වැස්සක් බිමට හෙලා
නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිදින්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
විරසක සුසුම් - මහගෙයි පුරා ඇසෙන්නේ
ගොම්මන් කළුවර රෑ
පෑයූ අටවක සද - තනි යහනේ
රටා මවන්නේ
විස කටු ඇනී - ආතුර වූ සිතට නුඹේ
නුඹ මට කියාදුන්න
සෙත් කවියක් කියන්න
නිවැරිදි මිනිසුන් කොයි ලෙසද උපන්නේ
මහ වැස්සක් බිමට හෙලා.......
ගායනය : සුනිල් එදිරිසිංහ