Friday, June 15, 2012

ඔබ ආයෙමත් ඇවිදින්

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔය නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ.......

පෙරදා මෙන් හද මල් පිපුනාදෝ
සතුටු කදුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර සැමරුම් සිහිවී 
මන්දිර මැවුවාදෝ......

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමිවූ මා දැන් රැජිනකි
සතුටයි කිරුළ අපේ.....

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ ....//
විමසූ වදනට පිළිතුරු දෙන්නම්
ලගකදි ලබන දිනේ....

අකලට වට මහ වරුසාවක් සේ.....



ගායනය : නිරංජලා සරෝජිනී

No comments:

Post a Comment