Saturday, April 7, 2012

කාලයේ වැලි තලාව


කාලයේ වැලි තලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යළි ඉල්ලා හඩන්නම්...

වියළුණු හෝපළු වනයේ
සුළගේ යන පරඩැල් මැද
අතීතයක ගුණ සුවදක් විදින්නම්
ඒ සුවදම හමුවනතුරු සිටින්නම්

ගිනිදැල්වෙන මරු කතරේ
පුපුරු ගසන වැලි කැට මත
ලතෙත් බවක සිහිලස සිහි කරන්නම්
ඒ සිහිලම පතමින් මග බලන්නම්

කාලයේ වැලි තලාව.....


ගායනය :  නන්දා මාලනී
පද රචනය :  සුනිල් ආරියරත්න

No comments:

Post a Comment