Thursday, September 15, 2011

මිණි මිණි පොදේ

මිණි මිණි පොදේ - ලා අදුරේ
තෙමි තෙමි ගියදා
ඉදහිට අදත් සිහිවෙනවා
සිරිපොද දැකලා.......//

ආසිරි මල් වරුසාවේ
නැහැ අපි තෙමුනේ
වැහි සිරි බලන්නට ඔබ නෑ
අද කුඩ සෙවනේ.......//

මිණි මිණි පොදේ.......
                                                   
මා හෙලු කදුළැලි පුරවා
වැහිකළු ඒවී
ඔබේ පාමුල මුතු වරුසා
විසිරී යාවී.........//

මිණි මිණි පොදේ........

ගායනය . නිරංජලා සරෝජිනී
                                                  

No comments:

Post a Comment