Wednesday, September 14, 2011

සැන්දෑ අහස වගේ

 

 සැන්දෑ අහස වගේ 
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ.....
මා රිදවන්නද සිතුවේ.....//

හිස ගවසන්න ගෙනා සමන් පිච්ච පොකුරු කඩා
අහසට විසි කෙරුවා මං....
රෑ කල අහස බලන ඔබට පෙනේවි
සිතන්නෙපා තරු වැල් යයි
ඔබ රැවටේවි.........

සැන්දෑ අහස වගේ.......

කණ පළදින්න ගෙනා තෝඩු දෙකෙන් එකක් කඩා
අහසට විසි කෙරුවා මං........
රෑ කල අහස බලන ඔබට පෙනේවී
සිතන්නෙපා අඩ සද යයි 
ඔබ රැවටේවි......

සැන්දෑ අහස වගේ ........


ගායනය  . මාලනී බුලත්සිංහල

No comments:

Post a Comment