Tuesday, June 19, 2012

වැහි දිය මහ බිම තෙමුවට

වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නෙ රෑ විතරද
විහගුන් පෙම් ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් වුනාට
නුඹට ඉන්නේ මං විතරද

රෝස පතක කවි ලියුවේ
සුවද දිදී තියාගන්න
(මේ විදියට ගී ගැයුවේ
ඉන්න තැනකදී ඇහෙන්න...//)

උස අත්තක මලක් වුනේ
ගවු ගණනක් උඩින් ඉන්න
(අවසානේ උරුම වුනේ
මල් පොකුරක එකක් වෙන්න......//

රෑ අහසේ තරු තිබුනට ........


ගායනය : දීපිකා ප්‍රියදර්ශනී

No comments:

Post a Comment