Friday, March 30, 2012

දගකාරී මං

දගකාරී මං මද්දුම දෝණි
නුඹට අකීකරු නෑ අම්මේ....//

බක් මී මල වට බමරු නටනවා
වරද මලේ සුවදද අම්මේ...

යන එන අතරේ පාර දෙපැත්තේ
දොරින් දොරට ඇස් මුමුණනවා
දිවෙන් දිවට රස කතා ගෙතෙද්දී 
කට වට කර වැට බදින්නදෝ 
අම්මේ.......

දහසක් වැට කොටු තහංචි බැන්දේ
මගේ සිත රැහැනින් බදින්නදෝ
මටම මගේ සිත කීකරු නැතිදා
මුර සෙබලුන් මා රකින්නදෝ 
අම්මේ.......

දගකාරී මං මද්දුම දෝණි........


ගායනය : ඉන්ද්‍රාණි විජේබන්ඩාර

No comments:

Post a Comment