Thursday, March 29, 2012

රජ මැදුරක


රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ...
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී මා හඩවාපන්
මේ රෑ යාමේ.......

පුංචි පැටික්කන් මග දිග හඩවන 
සිල්ලර රස කැවිලි
දුවයන ඉගිලෙන විසිතුරු සෙල්ලම් 
යානා පෙනී පෙනී
අහක බලාගෙන මග දිග යන විට නෑ මට
වාවන්නේ
හීනෙන් හිනා නොවී 
මා 
හඩවාපන් මේ රෑ යාමේ....

රජ මැදුරක .........

ඉදහිට මොළවන ලිපත් දනී පුත
කැද රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිවගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ
ඇදලා කල්ගිය රෙදි වැරළී
නෑ මට වාවන්නේ.....
හීනෙන් හිනා නොවී මා
හඩවාපන් මේ රෑ යාමේ....

රජ මැදුරක ඉපදී සිටියානම්........


ගායනය මාලනී බුලත්සිංහල


No comments:

Post a Comment