Friday, April 27, 2012

නාඹර ගොයමට

නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනැහේ කිරන හලාලා
දැසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා

මගේ පිය සටහන් අදුනන ඔබෙ නෙතු
හිමිදිරියේ දුටු සුබ දසුනයි
කම්හල මැද වෙහෙසෙන විට ගත සිත
ඔබ ගැන මතකය මද පවනයි

බලාපොරොත්තුව කිරිවැදිලා හෙට 
ගමේ කුඹුර මදහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපනදා
හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි




ගායනය : ගුණදාස කපුගේ

Wednesday, April 25, 2012

ඔබ පෙම් කරනා


ඔබ පෙම් කරනා - ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සද
මටද ආදරේ කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරේ කියා තිබේ

සාගර වෙරළේ සොදුරු සැදෑවක
රගහල කෙළවර අදුරු නිමේෂෙක
අද ඔබ ලග ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී හිද
මටද ආදරේ කියා තිබේ

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළු වී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සගවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ


ගායනය : ගුණදාස කපුගේ